ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අනුව පාස්කු වින්දිතයන්ට වන්දි ලබාදීමේ අරමුදල වෙනුවෙන් රුපියල් කෝටි 10ක් ගෙවීමට තමන්ට මුදල් නොමැති බැවින් හිතවතුන්ගෙන් එම මුදල් එකතු කිරීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු පවසන්නේ තමන්ට එවැනි මුදලක් ගෙවීමට වත්කමක් නොමැති බැවින් තම හිතවතුන් මෙය පුද්ගලයන්ගෙන් එකතුකිරීමට තීරණය කර ඇති බවයි. පිටකොටුවේ බෝධිය අසළ වාඩි වී ටින් එකක් සොළවමින් සල්ලි එකතුකරන්න දැයි තමන් ඔවුන්ගෙන් ඇසූ විට මේ උපදෙස දුන් බවත් එවැනි මුදලක් ගෙවීමට වෙනත් ක්‍රමයක් නැති බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තමන් සිංගප්පූරුවේ රෝහලක සිටි බවද එවැනි ප්‍රහාරයක් ගැන නොදැන සිටි බව ද හෙතෙම කීවේය. නමුත් තමන්ට මේ වන්දිය ගෙවීමට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් පත්කළ නිලධාරීන් ඒ ප්‍රහාරය ගැන දැන දැනත් නොසළකා හැරීමට තමන්ද වගකිව යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති නිසා බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් අධිකරණයේ තීන්දුවට ගරුකරන බවයි. එය පිළිගන්නා බව ද කීවේය.



