9.2 C
New York

මත්ද්‍රව්‍ය ටොන් ගණනක් ඇල්ලූ බව නාවික හමුදාව කියයි

Published:

ගෙවීගිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1363යි ග්‍රෑම් 503ක් හෙවත් ටොන් 1.3කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්ය බළකාය  සමඟ එක්ව බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් මෙම වැටලීම් සිදුකර තිබේ.

හෙරොයින්වලට අමතරව අයිස් කිලෝ ග්‍රෑම් 148යි ග්‍රෑම් 147ක්, හෂීෂ් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 105ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5,713යි ග්‍රෑම් 155ක් දේශීය ගංජා කිලෝ ග්‍රෑම් 25යි ග්‍රෑම් 285ක් සහ කුෂ් හා අබිං ද මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

දේශීය ගංජා පැළ 41,685ක් විනාශ කිරීමට ද නාවික හමුදාව කටයුතු කර තිබෙ.

මීට අමතරව මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් 21ක්, විදේශීය යාත්‍රා 03ක් අත්අඩංගුවට ගත් බවත්, දේශීය ධීවර යාත්‍රා 21ක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 336ක් අත්අඩංගුවට ගෙන  ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ඔවුන් සියලු දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහ යොමුකර අතැයි ද නාවික හමුදාව පවසයි.

Related articles

Recent articles

spot_img