-2.5 C
New York

බාර් සහ පෙට්‍රල් ෂෙඩ් හිමි මැති ඇමතිවරු 30ක් පාර්ලිමේන්තුවේ, 75%ක් ම ව්‍යාපාරිකයෝ

Published:

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු 30ක පමණ පිරිසකට මත්පැන් අළෙවි සැල් සහ ඉන්ධන පිරවුම්හල් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතැයි වාර්තාවේ.

තමන්ට ලැබෙන වැටුපෙන් පමණක් ජීවත්වන මන්ත්‍රීවරු සංඛ්‍යාව සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් 25%ක් පමණ වන බව ද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ගෙන් 75%කට ව්‍යාපාර සහ වෙනත් ආදායම් මාර්ග ඇත.

මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54.285.00කි. කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ලැබෙන දීමනාව 100,000.00කි. දුරකථන දීමනාව රුපියල් 50,000.00ක් වන අතර මුද්දර සඳහා වාර්ෂිකව රුපියල් 350,000.00ක් ද හිමිවෙයි.  මන්ත්‍රීවරයකුට පුද්ගලික කාර්ය මණ්ඩලය ලෙස හතර දෙනකුගේ සේවය ලබාගත හැකි අතර ඔවුන්ගේ වැටුප ද හිමිවෙයි.

බොහෝ මන්ත්‍රීවරු තම පවුලේ සාමාජික සාමාජිකාවන් පුද්ගලික කාර්ය මණ්ඩලය ලෙස යොදාගෙන ඇත.

Related articles

Recent articles

spot_img