-2.5 C
New York

සීගිරිය මත සිට මෙතෙක් නොදුටු අලුත් අත්දැකීමක් විඳින්න අවස්ථාවක්

Published:

(කාංචන කුමාර ආරියදාස)

කශ්‍යප විසින් ඉදිකරන ලදැයි සැළකෙන සිගිරිය මාළිගා පරිශ්‍රයේ සිට ඉර උදාවත්, ඉර බැසයාමත් නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන්ට අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව සෑම දිනක ම අලුයම 5.30ට සීගිරියේ ප්‍රවේශපත්‍ර ලබාදීම ආරම්භ කරන අතර රාත්‍රී වනතුරු සීගිරිිය මත රැඳී සිටීමට ද අවස්ථාව ලබා දී ඇත.

මධ්‍යම සංස්කෘතික අඅරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පවසන්නේ මෙය සියලු සංචාරකයන්ට ඉතාමත් සුන්දර අත්දැකීමක් වනු ඇති බවයි. ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙතෙක් සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව නොදුන් සීත මාළිගය වැනි ප්‍රදේශ කිහිපයක් විවෘත කිරීමට ද නියමිතය.

එමෙන් ම ඇවිදගෙන යාමේ අපහසුව හේතුවෙන් සීගිරියට පැමිණීමට මැළිකමක් දක්වන සංචාරකයන් සඳහා ඉලෙක්ට්‍රොනික් වාහන යෙදවීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදල සැළසුම් කර ඇත.

ජල, සහ ගිර උද්‍යානවලින් සමන්විතව ඉදිකර ඇති සීගිරිය කුවේරයාගේ ආලකමන්දාව ලෙස ප්‍රකටව පවතී. මෙහි ඉතිහාසය 5-12 සියවස් අතර කාලයකට දිව යයි.

Related articles

Recent articles

spot_img