රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ (05) දිනයේ හමුවූ කොරෝනා ආසාදියන් අතර පොලිස් නිලධාරීන් 85 දෙනකු සිටින බවත් මේ අනුව පොලිසියේ 358 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය. ඉන් 199 දෙනකු ම බස්නාහිර පළාතේ පොලිසිවලින් වාර්තා වී ඇත.