3.8 C
New York

ලීසා ප්‍රෙස්ලිගේ දේහය පියා සහ පුතා අසලින් තැන්පත් කරයි

Published:

මියගිය ලීසා මාරි ප්‍රෙස්ලිගේ දේහය, ඇගේ පවුලට අයත් ටෙනසි වතුයායේ ග්‍රේස්ලන්ඩ් හි නැසීගිය ඇගේ පියා සහ පුතා මිහිදන් කළ ස්ථාන ආසන්නයේ තැන්පත් කරණු ඇතැයි සඳහන් වේ.

ජනප්‍රිය ගායිකාවක වන ලීසා මාරි ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) මිය ගියේ ය. මියයන විට ඇය 54 වන වියේ පසුවිය.

ඇය, සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණියයි.

එල්විස් ප්‍රෙස්ලි වයස අවුරුදු 42 දී හෘදයාබාධයකින් මියගිය අතර ලීසාගේ පුත් බෙන්ජමින් 2020 වර්ෂයේදී සිය දිවි නසාගත් බවට වාර්තා විය.

මියගිය එකම පුතු බෙන්ජමින්ට අමතරව ලීසාට දියණියන් තිදෙනකු සිටින අතර ඇය සිව් වරක් විවාහ වී ඇත. ඇය දෙවැනි වරට විවාහ වූයේ සුපුසිද්ධ ගායක මයිකල් ජැක්සන් සමගිනි. නමුත් එම විවාහය පැවතියේ වසර තුනක් පමණි.

මිය යෑමට දින කිහිපයකට පෙර ලීසා මාරි සිය පියාගේ 88 වැනි ජන්ම දිනය සැමරීම සඳහා ග්‍රෙස්ලන්ඩ් මන්දිරය වෙත පැමිණ තිබිණි.

ග්‍රේස්ලන්ඩ් මන්දිරය, ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයට පමණක් දෙවැනි සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයකි.

https://www.bbc.com/news/world-us-canada-64271642

Related articles

Recent articles

spot_img