-0.6 C
New York

අසාදිතයන් 32ක් හඳුනාගත්තත් ළමා රෝහල ආරක්ෂිතයි

Published:

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා ළමයින් 20ක් ඇතුළු ආසාදියන් 32ක් හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

ළමුන් හරුණු විට අනෙක් පිරිස දෙමාපියන් වන අතර වෛද්‍යවරයකුට ද ආසාදනය වී ඇතැයි ඊයේ (05) හඳුනාගැණිනි.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ ළමා රෝහල තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඉතාමත් හොඳින් ක්‍රියාත්මකවන බවයි. මෙලෙස වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනාට කොරෝනා ආසාදනය වී ඇත්තේ පිටතින් බවත් රෝහල තුළ දී නොවන බවත් හෙතෙම පැවසීය. ආසාදිතයන් වෙන්කර තබන බැවින් රෝගය රෝහලතුළ සමප්‍රේෂණය වීමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්ය මණ්ඩලයට පවා ඉතා ආරක්ෂිතව කටයුතු කරන බවත් සඳහන් කරන වෛද්‍ය විජේසූරිය ඉල්ලා සිටින්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමේ දී බිය නොවිය යුතු බවයි.

Related articles

Recent articles

spot_img