-2.5 C
New York

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 18,113 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,949ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 46ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,334ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 586
  • අමානා බැංකුව රුපියල් මිලියන 326
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 192

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ‍අමානා බැංකුව කොටස් මිලියන 112
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 33
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කලම්බු ලෑන්ඩ් සමාගම 12%
  • සෙලාන් ඩිවෙලොප්මන්ට් සමාගම 06%
  • මර්චන්ට් බැංකුව 06%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • අමානා බැංකුව කොටස් මිලියන 111ක් රුපියල් 2.90 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 680,000ක් රුපියල් 46.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 335
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 176

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 66ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 55ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 11ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 32
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 09
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 29
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10
  • ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img