-1.6 C
New York

ආශුගෙන් කෝටි 10ක් ඉල්ලා, ලක්ෂ 10ක් ඇප ලැබූ ආදර්ශා

Published:

ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ආකර්ශ කරඳන  (කරඳන ගමරාළලාගේ වගීෂා ආදර්ශා) නමැති කාන්තාව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (12) නියෝග කළේය.

තමන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එකතුකරන බවට තර්ජනය කරමින් ඇය විසින් රුපියල් කෝටි 10ක කප්පමක් ඉල්ලූ බවට ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ලට අනුව ඊයේ (11) අත්අඩංගුවට ගත් ඇය අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇප ඉල්ලා පෙත්සමක් ගොනු කළ ද අධිකරණය එය කලින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ආදර්ශාට ඇප ලබා නොදීමට තරම් කරුණු අනාවරණය නොවන බව පවසමින් ඇයට ඇප නියම කෙරිණි.

ආකර්ශා කරඳන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ එක්ව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වූ අතර එහි දී ඇය කියා සිටියේ තම සුරතල් බල්ලා සමඟ ආශු මාරසිංහ ලිංගිකව එකතුවන ආකාරය තමන් රහසින් කැමරාව කාමරයේ සඟවා වීඩියෝ කළ බවයි. එම වීඩියෝව ද මාධ්‍යවේදීන්ට නිකුත් කෙරිණි.

නමුත් එම වීඩි‍යෝව නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගියේ ආශු මාරසිංහ බල්ලකු ඉදිරියේ යට ඇඳුම් පහත්කර පෙන්වන බවක් පමණි. එම වීඩියෝව ආශු මාරසිංහගේ සමීපතම අයකු ඔහු දැනුම්වත්ව වීඩියෝ කරන බව ද පැහැදිළිව දක්නට ලැබිණි.

Related articles

Recent articles

spot_img