3.8 C
New York

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Published:

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විදේශ අමාත්‍යාංශය ඉදිරිපිටට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේ තුර්කි, චීන ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා ඇත.

ISIS-K නමින් හැඳින්වෙන ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රාදේශීය ශාඛාවක් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.

තලේබාන් සංවිධානය අසල්වැසි රටවලින් ආයෝජන සඳහා ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරන මොහොතක, මෑත මාසවල විදේශිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල විය.

පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය බලය අත්පත් කරගත් දා සිට ඇෆ්ගනිස්ථානය පිපිරීම් දුසිම් ගනනක් සිදුවී ඇත, මෙම ප්‍රහාර බොහෝ දුරට අයිසිස්-කේ විසින් සිදුකළ ඒවාය.

වාර්තාකරුවන් පවසන්නේ තලේබාන් සංවිධානය මෙවැනි සිදුවීම්වලදී තුවාල ලැබූ සංඛ්‍යාව අඩුවෙන් පවසන බවයි.

https://www.bbc.com/news/world-asia-64239443

Related articles

Recent articles

spot_img