5.4 C
New York

දුම්රිය පොළේ පිහි ඇණුමකින් හය දෙනකුට තුවාල

Published:

ප්‍රංශයේ පැරිස් නගරයේ, ගැරේ ඩු නෝර්ඩ් ජාත්‍යන්තර දුම්රිය ස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් හයදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන පුද්ගලයාට පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතල බව පොලිසිය සඳහන් කරයි. සැකකරුට වෙඩි තබා ඇත්තේ, සිය සේවා මුරය අවසන් කර නිවස බලා යමින් සිටි පොළිස් නිළධාරීන් දෙදෙනකු විසිනි.

ප්‍රහාරකයාගේ අරමුණ කුමක් ද යන්න පැහැදිලි නොමැති බවත් ඔහු නිවසේ සෑදූ ආයුධයකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි.

උදෑසන 6.30ට පමණ, කාර්යබහුල වේලාවේදී සිදුවූ අනතුර හේතුවෙන් දුම්රිය විශාල ප්‍රමාදයක් ඇතිවී තිබේ.

ගැරේ ඩි නොර්ඩ් යනු යුරේපයේ කාර්යබහුලම ජාත්‍යන්තර දුම්රිය ස්ථාන වලින් එකකි. මෙමගින් දිනකට සංචාරකයින් 700,000ක් පමණ ගමන් පහසුකම් සපයා ගන්නා බව සඳහන් වේ.

https://www.bbc.com/news/world-europe-64234281

Related articles

Recent articles

spot_img