-1.6 C
New York

අලි – පොහොට්ටු දීගය තීන්දුයි

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ එළඹෙන පළාත්පාලන මැතිවරණය සඳහා එක්ව තරඟකිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂ දෙකේ ඉදිරිිපෙළ නායකයන් අතර අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණයට එළැඹුණු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (10) කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් මෙන් ම ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණෙන් ද ඇතැම් ඒවාට පොහොට්ටු ලකුණින් ද තරඟ කිරීමට තීරණය කළ බවයි කොටසකට අලියා ලකුණෙන් ද අනෙක් ඒවාට පොහොට්ටුව ලකුණෙන් ද තරඟ කිරීමට තීරණය කළ බවයි.

“අපි පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් බෙදාගන්නා පදනම කුමක්ද කියන එක පිළිබඳවත් සාකච්ඡා කරලා එකඟතාවකට ආවා. දිස්ත්‍රික්ක පහක දැනටමත් ඒ කටයුතු අවසන් කර තිබෙනවා. ඉතිරි දිස්ත්‍රික්ක ගැනත් අපි ඉදිරිදිනවල දී සාකච්ඡා කරලා තීරණය කරනවා. පොදු ලාංඡනය ගැන අපි ඉදිරියේ දී තීරණය කරනවා.” යැයි ද පාලිත රංගේ බණ්ඩාර කීවේය.

Related articles

Recent articles

spot_img