-0.7 C
New York

අලි – පොහොට්ටු සන්ධානයට එකඟතාවක් ?

Published:

එක්සත් ජාතික පක්ෂය (අලියා) සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟකිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ඇතැම් පළාත් ආයතන සඳහා පක්ෂ දෙකේම අපෙක්ෂකයන් අලියා ලකුණින් ද ඇතැම් පළාත්පාලන ආයතන සඳහා පොහොට්ටුව ලකුණින් ද තවත් ආයතන කිහිපයක් සඳහා පොදු ලකුණකින් ද තරඟ කරන බව ලේකම්වරයා පැවසීය.

මෙලෙස තරඟකරන ආයතන මොනවදා යන්න පිළිබඳ හෙට (10) පක්ෂ දෙකේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව ද හෙතෙම කීවේය.

ඊයේ (08) කොළඹ දී පක්ෂ දෙකේ ම නායකයන් අතර පැවැති සාකච්ඡාවක දී පොදු ලකුණ සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.

එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන,  නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ රවී කරුණානායක යන පිරිස ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ සහභාගී වූහ.

Related articles

Recent articles

spot_img