spot_img
spot_imgspot_img

ගාල්ල, මහනුවර සහ යාපනය නගර සංවර්ධනය ප්‍රමාදවීමෙන් ඩොලර් කොටි 10ක් අහිමි වෙයි

පුවත්

විදෙස්

ගාල්ල, මහනුවර සහ යාපනය නගර සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කිරීම හේතුවෙන් ලෝක බැංකුව රුපිය්ල කෝටි 1840ක ආධාර මුදලක් කපාහැර ඇතැයි විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් අනාවරණය වේ.

2014 මැයි මාසයේ දී ගාල්ල, මහනුවර සහ යාපනය නගර සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ රුපියල් කෝටි 3,491ක ඇස්තමේන්තුවක් සහිතවය.

එම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් හෙවත් රුපියල් කෝටි 2,750ක ආධාර මුදලක් ලබාදීමමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සංගමය එකඟ වී තිබිණි.

රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කරන ලද වාර්තාවේ පෙන්වා දී ඇත්තේ 2021 දෙසැම්බර් මස 21 වැනි දින දක්වා ම ප්‍රයෝජනයට ගෙන ඇත්තේ 48%කටත් අඩු මුදලක් බවයි. ඒ අනුව ආධාර මුදලින් 52%කට වැඩි මුදලක් ඩොලර් මිලියන 106ක් ප්‍රයොය්ජනයට ගෙන නැත.

මේ හේතුවෙන් ලෝක බැංකුව එම මුදල ශ්‍රී ලංකාවට ලබා දී නැතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!