-1.6 C
New York

ඇති තරමට බිත්තර තිබූ රටට, පළමු ආනයනික බිත්තර තොගය ලබන සතියේ

Published:

බිත්තර මිල අධික ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් අමාත්‍ය මණඩලයේ අනමැතිය පරිදි ලබන සතියේ සිට බිත්තර මෙරටට ආනයනය කරන බව වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

මේ වනවිට වෙළෙඳ පොළෙහි බිත්තරයක් රුපියල් 65.00ක මුදලකට අළෙවි වන අතර බිත්තර දැඩි හිගයක් ද පවතී.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර මෙරට දී ම නිෂ්පාදනය කෙරුණු අතර බිත්තර ආනයනයක් සිදු කෙරුණේ නැත. නමුත්, සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් සඳහන් කරන්නේ නිෂ්පාදන පිරිවැය දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් බිත්තර නිෂ්පාදනය අතහැර දමන බවයි.

සුළු හා මධ්‍ය පරිමාන බිත්තර නිෂ්පාදකයන්ගේ ඒකමුතුවේ ධනුෂ්ක රොෂාන් මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ කුකුළු පැටවකුගේ මිල ශ්‍රී ලංකාව තුළ රුපියල් 700.00ක් වන බවයි. බිත්තර නිෂ්පාදනය සඳහා දරන්නට සිදුව ඇති පිරිවැය අධික වීම හේතුවෙන් බිත්තර මිල ඉහළ දැමීමට සිදුවූ බවත් රජය බිත්තර ආනයනය කරන්නේ  ගොවීන්ට දැරීමට සිදුව ඇති වියදම් ගැන නොසිතා බවත් ඔහු පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img