-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 18,189 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,261ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,463ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 588
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 461
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 242

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ‍සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 36
  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 15
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ගෝල්ෆේස් කැපිටල් සමාගම 14%
  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම (X) 11%
  • පීඑම්එස් ෆිනෑන්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 6.2ක් රුපියල් 16.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 245.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 347
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 74ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 54ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 20ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 40
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 07
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 18
  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 05
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img