-2.5 C
New York

ISIS මත ප්‍රචාරය කළ කෝටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට. ඉන්දියාවේ බන්ධනාගාරයකත් ඉඳලා

Published:

ඉන්දියාවේ දී බන්ධනාගාරගත වී සට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව අයිඑස්අයිඑස් සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් එම සංවිධානයේ මතවාද ප්‍රචලිත කළා යැයි සැකපිට කෝටිපති ව්‍යාපාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි

ඉන්දීය බුද්ධි බළකායේ සහ මෙරට යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දා ඉන්දියාවේ දී එරට පොලිසිය විසින් පසුගිය 30 වැනි දා අත්අඩංගුවට ගත් අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සම්බන්ධ පුද්ගලයකු සමඟ ද මොහු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ද පොලිසිය කියයි.

ඉන්දීය බුද්ධි අංශ සහ මෙරට යුද හමුදා බුද්ධි අංශය ලබාගත් තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගෙන ිතබේ

මෙම සැකකරු මෙරට සිටිමින්, සිරියාව, ඉන්දියාව ඇතුළු රටවල අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වන ව ද පොලිසිය සඳහන් කළේය.  

ඔහු විවිධ දේශන, වැඩමුළු පවත්වමින් තරුණ පිරිස් අයිඑස්අයිඑස් මතවාදයට නැඹුරු කරගෙන ඇති බව ද පොලිසිය පවසයි. එමෙන් ම අන්තර්ජාලය ඔස්සේ එම මතවාද ප්‍රචලිත කිරීම ද ඔහු විසින් සිදුකර ඇතැයි ද වාර්තා වේ

ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේ දී 2002 වර්ෂයෙ දී අයිඑස්අයිස් ත්‍රස්තවයන් විසින් සිදුකරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව කියන මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඉන්දියාවේ වසර දෙකක් බන්ධනාගාර ගත වී සිට ඇත

Related articles

Recent articles

spot_img