2022 වර්ෂය අවසන් වෙලා 2023 වර්ෂය උදා වෙලා
rata.lk අපි 2022 වර්ෂය පුරාම ඔබ සමඟ සැම සමඟ සිටියා.
පරිනාමයෙන් ම, පුවත් දැනගැනීමේ නොනිත් ආශාවකින් පෙළෙන මිනිසුන්ගේ
කුතුහල සංසිඳවන්න, පුවත් සහ දැනුම පිපාසයට පැන් පොදක් දෙන්නට
නව ලෝකයක අලුත් අලුත් දේ ඔබ වෙත ගෙන එන්න
සාහිත්‍ය, කලාව, දේශපාලනය, දර්ශනය, සංස්කෘතිය, ක්‍රීඩාව මේ සියලු දේ
එකම තැනකින්
එකම සන්නාමයකින් ඔබ වෙත ගෙන එන්න අපි වෙහෙස වුණා. කැප වුණා, නොනවතින උත්සාහයක් ගත්තා.
2022 මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ඔබට, රටට, අපිට වගේ ම සමස්ත ලෝකයටත් අභියෝගාත්මක වර්ෂයක් වුණා.
2021 වර්ෂයේ ජනවාරි 01 වැනි දා පුංචි උත්සාහයක් ලෙස සමාජගත කෙරුණු rata.lk වෙබ් අවකාශය
ඉතාමත්ම අර්බුදකාරී වර්ෂ දෙකක් සම්පූර්ණ කළා.
ඒ සමස්ත කාලය පුරාම ඔබ අප විශ්වාස කරමින් අප සමග රැඳී සිටීම අපිට යෝද ශක්තියක් වුණා
මේ කාලය තුළ
විවිධ තර්ජන ගර්ජන,
මරා දමන බවට සිදුකරන ලද තර්ජනය කිරීම්
අපහාස, උපහාස
අනේක වාරයක් අප වෙත එල්ල වුණා.
රාජ්‍ය මර්ධනය වගේ ම
ඒ කිසිවකින් අපව මර්ධනය කළ නොහැකි වුණාම
රටේ උත්තරීතර නීතියෙන් ඔබට, අපට ලැබී ඇති භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස
අධිකරණය ගිහින් අහිමිකිරීමේ වෑයම් කිහිපයක් ම දියත් වුණා.
ඒ සියල්ල අපට ශක්තියක් වුණා. පන්නරයක් වුණා
ජනප්‍රිය ගොසිප් කලාවෙන් ඉවත් වෙලා
මළ සිරුරු, පුද්ගලයන්ගේ හැඬා වැටීම්, ලතෝනි නොමැතිව
දේශපාලකයන්ගේ සියලු කට කැඩිච්ච කතා ප්රවෘත්ති බවට පත් නොකර
තහවුරු කරගත හැකි සහ තහවරු වූ කරුණු මත පමණක් පදනම්ව
මාධ්‍ය ආචාරධර්ම සඳහා ප්‍රමුඛත්වය දෙමින්
සදාචාරාත්මක, නිවැරදි, විශ්වසනීය මාධ්‍ය කර්මාන්තයක නිරත වෙන්න අපිට පුළුවන් වුණා.
මේ කාලය තුළ හඬක් නැති මිනිසුන්ට හඬක් වෙන්නත්
මහජන සේවා ජනමාධ්‍ය සේවාවක නිරත වෙන්නත් අපිට හැකි උපරිමය කළා
මිලියන ගණනක ජනතාව අප සමඟ එකතු වුණේ ඒ නිසා
ඉතින්,
ඇතැම් අවස්ථාවල දී
අපේ අතිනුත් සුළු සුළු අඩුපාඩුකම් වෙන්න ඇති
ඒ සියල්ල ඔබ ඉවසා විඳ දරාගන්නත් ඇති
ඒ සියල්ලටම ඔබට ස්තූතියි, ඒ වගේම යම් අඩු පාඩුවක් අතපසු වීමක් වුණානම්
ඒ සඳහා කණගාටුව ප්‍රකාශ කරනවා.
ඔබ අපේක්ෂා කරපු දේවල්
අපි අතින් ඇතැම් විට මඟ හැරෙන්නට ඇති
නමුත්, ඔබ සියලු දෙනා 2021 ජනවාරි 01 වැනි දා සිට
අද 2023 ජනවාරි 01 වැනි දා දක්වා හිටියා වගේ ම
අපට ශක්තියක් වෙමින් සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා
අපි දන්නවා,
ආ මඟ බොහොම කෙටියි
හරිම පුංචියි
ඉදිරියේ තියෙන්නේ
ඉතාමත් දුෂ්කර පුළුල් ගමනක්
එ් ගමන ඔබ සමඟ අත්වැල් බැඳගෙන යාමට ඔබේ ශක්තිය නිරන්තරයෙන් අපට අවශ්‍යයි
ඉතින් ඔබට ආරාධනා කරනාවා
2023, 2022ට වඩා අභියෝගාත්මක වේවි.
අතීතයෙන් පාඩම් ඉගෙනගෙන
අපි අනාගතයට ගමන් කරමු
2023 වර්ෂයේ දී අලුත් වෙනස්කම් සමගින් අපි අලුත් ගමනකට මුල පුරනවා.
අලුත් විදියට හිතන,
අලුත් විදියට ලෝකය දකින,
අලුත් අලුත් දේ කරන,
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !
(සජීව විජේවීර – සංස්කාරක)