රජයේ සියලු සේවකයන්ට 2023 සඳහා අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
එලෙස ලබාදෙන මුදල රුපියල් 4,000.00ක උපරිමයකි. 2023 ජනවාරි මස 01 වැන දින සිට පෙබරවාරි 28 වැනි දා දක්වා මෙම අත්තිකාරම් මුදල් රජයේ සේවකයන්ට ලබාගැනීමට හැකියාව ඇති අතර 2023 වර්ෂය ඇතුළත එම මුදල වැටෙපෙන් අයකරගත යුතුව ඇත.
මෙම අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා 2015.12.29 වැනි දින නිකුත් කර ඇති 26/2015 චක්‍රලේඛයේ සඳහන් 2015 වර්ෂය 2022 ලෙසත් 2016 යන වර්ෂය 2023 ලෙසත් වෙනස් කර කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.පී.කේ.මායදුන්නේ විිසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අද දැනුම් දී තිබේ.
මේ දැනුම් දීම කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව බව ද ඔහු සඳහන් කර ඇත.