ගිනි අවිය සමග පලාගිය පොලිස් සැරයන් සොයා මෙහෙයුම්

0
141

තම රාජකාරී ගිනි අවිය සහ ජීව උණ්ඩ ද රැගෙන පලාගිය පොලිස් සැරයන් වරයකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි කුරුවිට පොලිසිය පවසයි.

මෙලෙස පලාගොස් ඇත්තේ පොලිස් සැරයන් 39288 සුමිත් අබේවර්ධන නමැති අයෙකි. ඔහු පසුගිය 29 වැනි දා සිරිපාගම පොලිසිය වෙත විශේෂ රාජකාරියක් සඳහා අනුයුක්ත කර මාර්ග බාධක රාකාරියේ යොදවා සිටිය දී මෙලෙස පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ තම ඥාති නිවාස කිහිපයකට ම ගොස් ඇති බවත් තම ගිනි අවිය ද පෙන්වා 09 දෙනකු ඝාතනය කරන්නට අවශ්‍යව ඇතැයි ද සිය ඥාතීන්ට පවසා තිබෙන බව පොලිසයට අනාවරණය වී තිබේ.

ඔහූගේ මෙම ඝාතන ලැයිස්තුවේ කුරුවිට පොලිසියේ ස්ථානාධිපතිවරයා ද සිටියි. මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවත් කුරුවිට පොලිසිය පවසයි. ඔහු පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලිසිය ඉල්ලයි. 045- 2262223/ 045-2262222/0718591401  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here