-2.5 C
New York

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 19,763 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,760ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,431  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 382
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 328
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 123

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 40
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12.2
  • ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 12.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 33%
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 24%
  • ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම 12.1%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 450,000ක් රුපියල් 135.50 බැගින්
  • ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11.8ක් රුපියල් 10.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 353
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 19ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 122ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 103ක මුදලක් කොටස් වෙළෙඳ ‍පෙළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 2.7

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img