කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගිය බව අද (04) සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ සම්බන්ධ නිල නිවේදනය නිකුත් කරන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව දක්වා ඇත්තේ ඔවුන්ගෙන් එක් අයකු පිඹුර මූලික රෝහලේ දීත් තවත් අයකු කොළඹ ජාතික රෝහලේ දීත් මියගොස් ඇති බවයි. අනෙක් තිදෙනාම මියගොස් ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වල දී මය.
පිඹුර මූලික රෝහලේ දී මියගිය තැනැත්තා කොළඹ 02 පදිංචි 46 හැවිැරිදි පිරිමි පුද්ගලයෙකි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලෙ දී මියගොස් ඇත. මේ දෙදෙනාම මියගොස් ඇත්තේ ඊයේ (04) වැනි දින දී ය.
කොළඹ 12 පදිංචි කාන්තාවක් සිය නිවසේ දී මියගොස් ඇති අතර ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී නිගමනය කර ඇත්තේ මරණය සිදුවූයේ කොරෝනා හේතුවෙන් සිදුවූ හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.
කොළඹ 14 පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ද සිය නිවසේ දී මියගොස් ඇත. කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ පෙනහළු ආබාධයකින් ඇය මියගිය බව මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබේ.
කොළඹ 15 පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයකු ද නිවසේ දී මියගොස් ඇති අතර ඔහු මරණයට පත්ව ඇත්තේ කොරෝනා හේතුවෙන් හෘදයාබාධයකින් බව මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත.