5.4 C
New York

මාලදිවයින් හිටපු ජනාධිපතිට සිර දඬුවම්

Published:

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක දඩයක් නියම කිරීමට එරට අපරාධ අධිකරණය කටයුතු කර තිබේ.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව ඔහු වරදකරු කරමින් මෙම සිර දඬුවම නියම කර තිබේ.

අබ්දුල්ලා යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ 2019 වසරේදීත් යමීන් වරදකරු වූ අතර එහිදීත් වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණි. 2020 වසරේදී නිවාස අඩස්සියට පත් හිටපු ජනාධිපති යමීන්, ඉන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවය.

Related articles

Recent articles

spot_img