පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට 2022 වර්ෂය තුළ පමණක් පැමිණිලි 1,450ක් ලැබී ඇතැයි එම කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් නිර්ණාමිකව ලැබුණු ඒවා බවයි. නිර්ණාමිකව ලැබෙන පැමිණිලි පවා පොලිස් කොමිසම විසින් සළකා බලන බවත් මෙම වසරේ ලැබුණු පැමිණිලිවලින් 300කට ආසන්න ප්‍රමාණයක් විමර්ශනය කර ඇතැයි ද ඔහු කීවේය.
2021 වර්ෂයේ පොලිස් කොමිසමට මහජන පැමිණිලි 1,800ක් වාර්තා වී තිබූ අතර ඉන් පැමිණිලි 1,000ක් මේ වනවිට විමර්ශනය කර අවසන් බව ද හෙතෙම පවසයි.
පොලිසියට එරෙහිව ලැබෙන පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, බැන තර්ජනය කර එළවා දැමීම, පැමිණිලි ලියා නොගැනීම, ප්‍රචණ්ඩකාරී ලෙස සැළකීම බව ද සභාපතිවරයා පවසයි.
නිර්ණාමිකව ලැබෙන පැමිණිලිවල ව්‍යාජ තොරතුරු සඳහන් වන බවත් ඇතැම් පැමිණිලි අතිශයෝක්තියෙන් කරුණු දැක්වීම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය. එබැවින් එවැනි පැමිණිලි බොහොමයක් ඉවත දැමෙන බව ද සභාපතිවරයා කීවේය.