ශ්රීී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියදුරන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් 37 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස නිරෝධායනයට යොමුකළ පිරිස අතර ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ද සිටියි. කොරෝනා ආසාදනය වී ඇති සිව් දෙනාගෙන් එක් අයකු ඔහුගේ රියදුරුය.
ආසාදිත රියදුරන් සිව් දෙනා කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ.