-1 C
New York

ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව සභාගත කරන්න යැයි මන්ත්‍රීවරු ඉල්ලති

Published:

අරගලය සමඟ රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 107 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් මේ ඉල්ලිම කර ඇත්තේ අත්සන් සහිත ලිපියක් යොමු කරමිනි.

පසුගිය මාර්තු 31 වැනි දා සිට ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති විමර්ශන කමිටුව පත්කරන ලද්දේ ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සභාපතිවරයා ලෙසත්, හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපපති දයා රත්නායක තිදෙනා මේ කමිටුව නියෝජනය කළ අතර කරන්නාගොඩ එහ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් චෝදනා කරන්නේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය සහ හමුදාව උනන්දු නොවූ බවයි. බොහෝ ප්‍රධානීන් එම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට උදෙස් දී නැති බවත් ඒ නිසා ම අදාළ නිලධාරීන් චේතනාන්විතව සිය වගකීම් පැහැර හැර ඇති බවත් ඔවුහු කියති.

Related articles

Recent articles

spot_img