6 C
New York

බසයක් පෙරැළී අයෙක් මරුට 14ක් රෝහලේ

Published:

පලෙයි ප්‍රදේශයේ දී බසයක් අද (22) උදෑසන 6.00ට පමණ පෙරළීමෙන් එක් අයකු මියගොස් තුවාල ලැබූ 14 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් යාපනය සහ කිලිනොච්චි රෝහල්වලට ඇතුළත් කර ඇත. දෙදෙනකුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වේගය පාලනය කරගත නොහැකිවය.

Related articles

Recent articles

spot_img