5.4 C
New York

යළි කොරෝනා රැල්ලක්. නැවත දැනුම් දෙනතුරු පාසල් වසා දමයි

Published:

චීනයේ නැවත කොරෝන රැල්ලක් පැතිරයාම හේතුවෙන්න ෂැංහායි නුවර සියලු පාසල්වල Online අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න යැයි ෂැංහයි අධ්‍යාපන කාර්යාංශය දැනුම් දී තිබේ.

නිවෙස්වල රැකබලාගත නොහැකි දරුවන් සඳහා පමණක් නේවාසික පහසුකම් යටතේ පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද දැනුම් දී ඇත. මේ අතර කොරෝනා ආසාදනය වැඩිවීම හේතුවෙන් දැඩි අවදානම් ප්‍රදේශ 11ක් හඳුනාගෙන ඇති අතර මෙවර බිලියන 1.4ක ජන ගහණයකට කොරෝනා පැතිර යනු ඇතැයි ද ඉන් ලක්ෂ 10ක පිරිසක් මිය යනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පුරෝකථනය කර තිබේ. මේ බව එක්සත් ජනපද සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය විසින් තහවුරු කර ඇත.

මෙම තත්වය හේතුවෙන් නැවත වතාවක් තාවකාලික කොරෝනා රෝහල් ඉදිකිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගනමින් සිටියි.

මෙලෙස නැවත කොරෝනා පැතිරීමට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතය පාලනය වී ඇතැයි පවසමින් චීන රජය කොවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බව සෞඛ්‍ය විශේෂඥයෝ කියති.

Related articles

Recent articles

spot_img