මේ මුලින් තියෙන්නෙ ස්වයං නිරෝධායනයට ලක්වෙන පවුලකට රජයෙන් දෙන රුපියල් 10,000 බඩු මල්ලක්.
ඔය මල්ලෙ තියෙන බඩුවල ගැසට්ගත මිල, නොහොත් රජය විසින් පනවන ලද මිල මෙහෙමයි.
හාල් කිලෝ 15 – 90×15 = 1350/-
සැමන් ටින් 2 – 200×2 = 400/-
පරිප්පු කිලෝ 3 – 65×3 = 195/-
සෝයා මීට් පැකට් 3 – 50*3 = 150/-
තේකොළ ග්රෑම් 100 පැකට් 2 – 110×2 = 220
අල කිලෝ 1 = 150/-
බී ලූණු කිලෝ 1 = 230/-
සීනි කිලෝ 2 – 145×2 – 290/-
ප්රවාහනයට 100/-ක් දාමු
එකතුව – 3085/-
එතකොට ඉතිරි 6915/-ට මොකද වුණේ? ප්රශ්නයක්..
දැන් මෙහෙම ඇහුවම කෙනෙක් කියන්න පුළුවන් ඔය 10000 බඩු මල්ල දෙන්නේ පන්දාහෙ කෑලි දෙකකටය කියලා. එහෙම ගත්තත් මෙතන ඒ ගාණට වටින්නෙ නැහැනේ බඩු ටික. රුපියල් 1915ක් පාඩුයි.
දැන් වැඩේ තියෙන්නෙ මෙතනයි….
ලංකාවෙ ආසන්න වශයෙන් ස්වයං නිරෝධායනය වන පවුල් 25,000ක් ඉන්නවා. එතකොට ලබාදෙන්නේ, රුපියල් 10,000 බඩු මලු නම්,
එතනින් 172,875,000ක් රජයට පාඩුයි. (කෝටි දාහතකට වැඩි)
රුපියල් 5000 බඩු මලු නම් 47,875,000ක් (කෝටි 04කට වැඩි)
කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඔය ගණන්වලට බඩු නෑ කියලා. හැබැයි මතක තියාගන්න රජයෙන් තමයි මේ බඩු ලබාදෙන්නෙ. ගෙවන්නෙත් රජයෙන්. එතකොට ගෙවන්න ඕනෙ ගැසට්ගත මිලට. ඒ නිසා තර්කය අනුව මිල ගණන් සහ පාඩු එහෙමයි.
දැන් මේකෙ වරද කාගෙද?
මේක ජනාධිපති දැනං සිද්ධ වෙන වැඩක් නෙවෙයි.(කියලා හිතනවා) ඇමති හරහා වෙන සිද්ධියක් විදියට ගමු. එතකොට ඇමති නම් මේකට ඍජුව සම්බන්ධ වෙන්නෙ මෙතනින් එන කමිෂන් එක කීයක්ද බලන්න. ඒකෙන් කොටසක් ඔය වටේට බෙදල දැම්මම කෝටි කීයක්ද?
නැත්නම් මේක වෙන්නෙ නිලධාරීන් අතින්. එයාලා පිට කඩවල් එක්ක ඩීල් එකක් දාලා වැඩේ කරනවා. අර ඉතිරි ගාණ බෙදාගන්නවා.
නැත්නම් මුදලාලි කෙලිනවා. පන්දාහක හෝ දහදාහක පාර්සලයක් හදන්නම් කියලා තුන්දාස් ගානකින් ශේප් වෙනවා.
ප්රශ්නෙ තියෙන්නෙ මේකයි. ඔය කවුරු වරද කළත් මේවට ඔය ගෙවන තැනකින් පන්දාහ හෝ දහදාහ ගානෙ ගෙවනවා. ඒ සල්ලි ටික පිටට යනවා. මේ මිනිස්සුන්ගෙ සල්ලි, නැත්නම් කෝවිඩ් අරමුදලෙ සල්ලි. නැතුව කාගෙවත් පුද්ගලික සල්ලි නෙවෙයි.
දැන් කියාගෙන එන්න එපා මුකුත් නොදී ඉන්නවට වඩා මෙහෙම හරි දෙන එක හොඳයි නේ කියලා. දෙන එක හොඳයි තමයි, හැබැයි ඒකෙන් යටිමඩි ගහන එක කැතයි.
දැන් මේක මං කියනවටම පිලිගන්න එපා සහ බයිඩන්ලා බොරුවට ටිපර් වෙන්න එපා.
මේක බොරුවක්ය කියන්න හිතන් පහළට එන කෙනෙක් ඉන්නවා නම් පහළ පින්තූරත් බලන්න. පිලිවෙලින් මේ බඩු මල්ල, ඊළඟට ආණ්ඩුවෙ නිවේදනය සහ මේ බඩු මල්ල ලැබුණ අයගෙ සටහන්. ඒවා කියවන්න.
– ඩිස්ක්ලේමර් –
තාම අපේ ගෙදරට ඔය කියන පැක් එක ලැබිල නැති නිසා එහෙන් ෆීඩ්බැක් එකක් ගන්න බැරිවුණා. ඒකත් ලැබුණ ගමන් කියන්නම්. බයවෙන්න එපා, කෝක සුවර් නැතත් ඒ බඩුමල්ලෙ තියෙන බඩු ගැන කිසිම බොරුවක් කියන්නෙ නෑ මං. මොකද අපේ ගෙදරින් වැඩිපුරත් එක්කම බඩු ලිස්ට් එකක් කිව්වොත් මිස අඩුවෙන් කියන්නෙ නෑ. මොකද එහේ කොරන්ටයින් වෙන්නෙත් තැරි දාර බයිඩන්ලා තුන්දෙනෙක් නිසා.
ප.ලි. – මේ පෝස්ට් එකට පස්සෙ දැනගන්න ලැබුණා rරජය මීඩියාවලට කියන එකම නෙවේය රාජ්ය නිලධාරීන්ට දන්වලා තියෙන්නෙ කියලා. එයාලා රුපියල් 10000ක බඩු මල්ලක් දෙනවාය කියලා. නමුත් චක්රලේකය 10000ක උපරිමයකට යටත්ව, ඒකත් කොටස් දෙකකට. මිනිස්සු කන්ෆියුස් වෙන එක සාධාරණයි.
(සමිත් බෝධිපක්ෂ තම Facebook ගිනුමේ තැබූ සටහනකි)