5.4 C
New York

අනාගත පරම්පරාව සඳහා දුම්වැටි තහනම් කරමින් නවසීලන්තය නීති සම්පාදනය කරයි

Published:

ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම දුම්කොළ තහනම් කිරීම සඳහා නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් නව පනතක් සම්මත කර තිබේ. ඒ අනුව නවසීලන්තයේ 2008 වසරෙන් පසු උපන් කිසිවකුට දුම්කොළ නිශ්පාදන මිලදී ගැනීමට නොහැකි වනු ඇත.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍ය අයේෂා වෙරල් ප්‍රකාශ කළේ එය “දුම් රහිත අනාගතයක් සඳහා වූ පියවරක්” බවයි.

“දහස් ගණනක් මිනිසුන් දිගු කාලයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනු ඇති අතර සෞඛ්‍ය පද්ධතිය දුම්පානය නිසා ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවීම සඳහා NZ $ බිලියන 5ක් (US$ බිලියන 3.2) ඉතිරි වනු ඇත,” වෛද්‍ය වෙරල් පැවසීය.

නවසීලන්තයේ දුම්පානය අනුපාතය දැනටමත් ඓතිහාසික අවම මට්ටමක පවතී, නොවැම්බර් මාසයේ දී රජය විසින් නිකුත් කළ සංඛ්‍යාලේඛණ වලට ‍අනුව වැඩිහිටියන්ගෙන් 8% ක් පමණක් දිනපතා දුම් පානය කරයි – පසුගිය වසරේ එම අගය 9.4% කි.

‘දුම් රහිත පරිසර පනත් කෙටුම්පත’ මගින් 2025 වන විට එම සංඛ්‍යාව 5% ට වඩා අඩු කිරීමට බලාපොරොත්තු වන අතර, අවසානයේ එම භාවිතය මුළුමනින්ම ඉවත් කිරීම අරමුණු කර ඇත.

මෙම පනත සැලසුම් කර ඇත්තේ රට පුරා දුම්කොළ නිෂ්පාදන අලෙවි කළ හැකි සිල්ලර වෙළෙන්දන්ගේ සංඛ්‍යාව 600 දක්වා සීමා කිරීමටයි – දැනට වෙළෙන්දන් 6,000ක් පමණ සිටිති. සිගරැට් වලට ඇබ්බැහි වීම අඩු කිරීමට නිෂ්පාදනවල නිකොටින් මට්ටම අඩු කිරීමට ද පියවර ගෙන ඇත.

Related articles

Recent articles

spot_img