සමරිසි පුද්ගලයන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් සහ නීතිඥයන් පිරිසක් ඊයේ (09) පොලිස් මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවට පොලිස්ති සී.ඩී.වික්‍රමරත්න සහ කාන්තා සහ ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී ඇත.
සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් පොලිසිය සමඟ කටයුතු කිරීමේ දී ඇතිවන අපහසුතා වළක්වාගැනීම සම්බන්ධයෙන් මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
එවැනි ප්‍රජාව කෙරෙහි ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානය යොමුකළ යුතු යැයි ද එහි දී තීරණය කර තිබේ. ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පරිපාලන පත් කිරීමට ද අවශ්‍ය සහය සඳහා නියෝජ්‍ය පොලිස්පති නීති දිසාව වෙත ද පොලිසිපත්වරයා විසින් උපදෙස් ලබා දී තිබේ.