-3.4 C
New York

කොළඹ වාතය තවමත් අධි අවදානම්. අනෙක් ප්‍රදේශ ක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට එන ලකුණු

Published:

කොළඹ වායු දූෂණය තවදුරටත් ජීවීන්ට අහිතකර මට්ටමේ ඇති බව airquality.lk වෙබ් අඩවියේ දත්තවලින් පෙනී යයි.

එහි දැක්වෙන දත්ත අනුව කොල්ලුපිටියේ වායු දූෂණ මට්ටම ඒකක 157ක් වන අතර බත්තරමුල්ලේ ඒකක 152කි. ග්‍රෙගරි පාරේ අගය ඒකක 151කි.

බදුල්ල සහ දඹුල්ලේ වායු දූෂණ මට්ටම එ්කක 142ක් ලෙස දැක්වෙන අතර අද (10) උදෑසන 11.00 වනවිට නොරොච්චෝලේ වායු දූෂණය ඒකක 137ක් ලෙස සටහන්ව තිබූ අතර අකුරණ ඒකක 132ක් ලෙස දැක්විණි. නාවලපිටියේ වායු දූෂණය ඒකක 127ක් ලෙස සටහන්ව තිබූ අතර මන්නාරමේ එය ඒකක 102ක් ලෙස සටහන් විය. පුත්තලමේ ඒකක 95ක් ලෙස සටහන් වෙද්දී යාපනයේ දක්නට ලැබුණේ ඒකක 91ක් ලෙසිනි.

වායු දූෂණය පොළොන්නරුවේ ඒකක 65ක් සහ මුලතිව් ඒකක 63ක් ලෙස ද අද (10) උදෑසන 11.30 වනවිට සටහන්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ ඉන්දියාවේ සිට දුම් සහ දුහුවිළි සහිත වාතය හමා ඒමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් ඉදිරි පැය 24 ඇතුළත මෙරට වායු දූෂණ මට්ටම තවදුරටත් අඩුවනු ඇති බවයි.

Related articles

Recent articles

spot_img