spot_img

අධික සීතල දරාගත නොහැකිව ගවයන් සහ එළුවන් මියගිහින්

පුවත්

විදෙස්

අධික සීතල දරාගත නොහැකිව ගවයන් සහ එළුවන් මියයමින් පවතින බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් පශු වෛද්‍ය නුවන් හේවාගමගේ පවසන්නේ අද (10) වනවිට කිරි ගවයන් සහ එළුවන් 600ක පමණ පිරිසක්ක් ශීතලෙන් මියගොස් ඇතැයි වාර්තා වන බවයි.

වෛද්‍ය හේවාගමගේ වැඩිදුරටත් කියා සිටියේ උතුරු ප්‍රදේශවල අධික උණුසුම් දේශගුණික තත්වයට හුරු වී සිටි සතුන් හදිසි කාලගුණ වෙනස්වීම හේතුවෙන් ඇති වූ සීතල දරාගත නොහැකිව මියයන බවයි. දුර්වල සතුන් මියගොස් ඇති බවත් ඇතැම් සතුන්ගේ සිරුරු මරණ පරීක්ෂණවලට ලක්කිරීමෙන් ඒ බව තහවුරු වී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

පශු වෛද්‍ය හේවාගමගේ පවසන්නේ කිරි ගවයන් 165 දෙනකු සහ එළුවන් 07 දෙනකුගේ සිරුරු කිලිනෙනාච්චි දිස්ත්‍රික්කයේ පොන්නගර් ප්‍රදේශයෙන් සොයා ගැණුනු බවයි. යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලින් කිරි ගවයන් සහ එළුවන්ගේ මරණ වැඩිපුර වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles