-0.6 C
New York

රැඳවියකු මියයාම ගැන පරීක්ෂණයක්

Published:

මොණරාගල බන්ධනාගාරයේ ඊයේ (03) ඇති වූ ගැටුමකින් රැඳවියකු මිය යාම සම්බන්ධයේන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණක් ආරම්භ කර ඇත.

අම්පාරේ පදිංචිව සිටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි අයකු මෙලෙස මියගියේය. ඔහු කලහකාරී ලෙස හැසිරී බන්ධනාගාර නිලධාරියකුට ද පහර දී ඇතැයි වාර්තා වේ.

බන්ධනාගර කොමසාරිස් ජනරල් තුෂාර උපල්දෙණිය පවසන්නේ රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිය අවම බලය යොදා ඇති බවයි. තුවාල ලබා සිටි එම රැඳවියා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව ද කොමසාරිස්වරයා කීවේය.

බන්ධනාගාරය තුළ උද්ගතවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදා නිලධාරීන් ද බන්ධනාගාරය වෙත ඊයේ (03) කැඳවා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරී විසින පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධිය අතරතුර දී යම් නිලධාරියකු තම බලය අනිසි ලෙස භාවිතා කර ඇතැයි අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Related articles

Recent articles

spot_img