spot_img
spot_imgspot_img

“පුතා කරපු අපරාධවලට පොලිසිය වගකිව යුතුයි” අම්පිටියේ දී සිසුවකු ගිනිතැබූ සැකකරුගේ මව කියයි.

පුවත්

විදෙස්

අම්පිටියේ දී සිසුවකුට භූමිතෙල් වතක්ර ගිනි තැබූ සැකකරු එවැනි තත්වයකට පත්වූයේ පොලිසියේ වරදින් බව සඳහන් කරමින් එම සැකකරුගේ මව විසින් ලියන ලද පිලියක් මහනුවර ආකර්ෂක කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක්විය.

එම සැකකරුගේ මව විසින් ලිපිය යොමුකර තිබුණේ ගඟවට කෝරලය ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර කුමාර වෙතයි.

එම ලිපිය ආරක්ෂක කමිටු රැස්වීමට රැගෙන ආ සභාපතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පළාත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දිසාපතිවරයා ඇතුළු පිරිසගේ අවධානයට යොමු කළේය.

සැකකරුගේ මව එම ලිපිය මගින් දක්වා ඇත්තේ සිය පුත්‍රයා මෙවැනි අපරාධකරුවකු බවට පත්වීමට පොලිසිය සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවයි. ඔහු සමඟ ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධතා පවත්වන බව ද වෙනත් හේතූන් මත අත්අඩංගුවට පත්වන තම පුත්‍රයාට ඇප ලැබී නිදහස් වීමට එම පොලිස් කණ්ඩායම පහසුකම් සළසන බව ද එම ලිපිය මගින් දැනුම් දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ තම පුතු නීතිය හමුවට පමුණුවන අවස්ථාවල දී ද ඔහුට වරදින් ගැලවීමට කරුණු විකෘතිකරමින් අධිිකරණයට ඉදිරිපත් කිරීමට පවා පොලිස් නිලධාරීන් කටයුතු කරන බවයි. එම පොලිස් නිලධාරීන් තම පුතාගෙන් මුදල් පවා ලබාගන්නා බව ද ඔහු කරන ජාවාරම්වලට පොලිස් නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලැබා දී පොලිස් නිලධාරීන්ට එමගින් මුදල් උපයන බව ද මව සඳහන් කර තිබේ.

මව විසින් ඇගේ අත්සන සහිතව ඉදිරිපත් කර තිබූ එම ලිපියේ එවැනි පොලිස් නිලධාරීන්ගේ නම් පවා සඳහන් කර තිබේ.

මෙම ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක කමිටුවේ දී දැඩි අවධානයක් යොමුව ඇති අතර එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇත.

ආරක්ෂක කමිටු රැස්වීම පසුගිය අඟහරුවාදා (06) පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!