වෘෂණ කෝෂ බද්ධ කිරීමේ කතාවේ කිසිදු සත්‍යතාවක් නැත. ලෝකයේ විවිධ රටවල අන්තර්ජාල ඔස්සේ සහ විවිධ තැරැව්කරුවන් විසින් වෘෂණ කෝෂ ඩොලර් දස දහස් ගණන්වලට විකිණිය හැකි යැයි කීව ද එවැනි බද්ධ කිරීමක් ලෝකයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.
නමුත් ඉතාමත් ම කලාතුරකින් සහ අතිශය දුර්ලභ අවස්ථාවක දී එවැනි බද්ධ කිරීමක් සිදුකළ හැකි වුව ද එවැනි බද්ධ කිරීමක් කිසිසේත්ම අවශ්‍ය නැතැයි වෛද්‍යවරුන්ගේ අදහසයි. වෘෂණ කෝෂ මගින් නිපදවෙන හෝමෝන කෘතිමව ලබාදීමට හැකිවීමත් වෘෂණ කෝෂ නැත්නම් කෘතිම වෘෂණ කෝෂ සවිකිරීමට හැකියාව තිබීමත් නිසා වෘෂණ කෝෂ බද්ධ කිරීම අවශ්‍ය කරුණක් නොවේ.
වෘෂණ කෝෂ විකුණන බව යමකු කීවොත් එහි කිසිදු සත්යතාවවක් නොමැති බව ලෝකයේ පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක සඟරාවල පවා පළ වී තිබේ.
නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව මේ වනවිට එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණිය හැකි බවත් කියයි. එම ප්‍රවෘත්තිය නිර්මාණය කළ මාධ්‍යවේදීන් ලෝකයේ මෙවැනි ව්‍යාජ ව්‍යාපාර ඇති බව නොදැන එම කතාව ප්‍රචාරය කළා විය යුතුය. අවම වශයෙන් අන්තර්ජාලය ඔස්සේ “Testicular transplant surgery” යනුවෙන් සොයා බැලුවානම් මෙහි ඇත්ත දැනගැනීමට හැකියාව තිබේ.
එවැනි සොයා බැලීමක් නැතිව දැන් නැවත වතාවක් මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් කිහිප දෙනකු විසින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන්න රටම නොමඟ යවමින් තිබේ.
ඔබට වෘෂණ කෝෂයක් පරිත්‍යාග කළ හැකි ද ?
අතිශය දුර්ලභ අවස්ථාවන්හි දී හැර වෘෂණ කෝෂයක් පරිත්‍යාග කිරීමට හැකියාවක් නැත. වෘෂණ කෝෂයක් පරිත්‍යාග කිරීම සඳහා න්‍යායාත්මක හේතූන් වෛද්‍ය පර්යේෂණ දියුණු කිරීම හෝ වෘෂණ අක්‍රිය වී ඇති පුද්ගලයකුට බද්ධ කිරීමක් ලෙස ලබා දීම ඇතුළත් වේ. නමුත් වෘෂණ කෝෂ ක්‍රියා කරන ආකාරය පිළිබඳ වෛද්‍ය පර්යේෂකයන් සතුව ඇති පුළුල් දැනුම සහ අවබෝධය නිසාම එවැනි බද්ධ කිරීමක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා ඔබට තවත් කෙනෙකුට බද්ධ කිරීම සඳහා වෘෂණ කෝෂයක් සොයන පර්යේෂකයකු කිසිම අයුරකින් ලෝකයේ කිසිම රටකින් සොයාගත නොහැකි වනු ඇත. යම් කෙනෙකුට දරුවන් බිහිකිරීමේ අවශ්‍යතාව නිසා වෘෂණ කෝෂයක් බද්ධ කරගත්තේ නම් ශුක්‍රාණු නිපදවන වෘෂණ කෝෂවල ඇති බීජ සෛල මගින් නිෂ්පාදනය කරනු ලබන්නේ එම පුද්ගලයාට වෘෂණ කෝෂය පරිත්‍යාග කළ පුද්ගලයාගේ ජාන සහිත ශුක්‍රාණු මිස එය දරා සිටින්නාගේ ජාන සහිත ශුක්‍රාණු නොවේ. එවිට බිහිවන්නේ වෘෂණ කෝෂයේ මුල් අයිතිකරුවාගේ දරුවන්ය.
ඒ නිසා ම වෘෂණ කෝෂ බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාත්මකව තේරුමක් ඇති වැඩක් නොවේ. නිිපදවන හෝමෝන සිියල්ල කෘතිමව ලබාදීමට හැකි තරම් දැනට ලෝකයේ වෛද්‍යවිද්‍යාව දියුණු බැවින් වෘෂණ කෝෂ බද්ධය අවශ්‍ය නැත.
වෘෂණ කෝෂ පරිත්‍යාග කිරීම වෙනුවට හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර සහ කෘතිම වෘෂණ කෝෂ භාවිතා කරන පුද්ගලයෝ ලෝකයේ සිටිති. ඔවුන් මෙලෙස දැක්විය හැකියි.
- වෘෂණ කෝෂ අහිමි වූ පුද්ගලයන්
- උපත් අක්‍රමිකතා නිසා වෘෂණ කෝෂ රහිතව උපන් අය
- ලිංග භේදය වෙනස් කිරිමේ ශල්‍යකර්මයට භාජනය වූ අය
මිනිසුන් අතර වෘෂණ කෝෂ බද්ධ කිරීම සිදුකර තිබේ ද ?
වෘෂණ කෝෂ බද්ධ කිරීම අතිශය දුර්ලභ සැත්කමකි. එය සිදුව ඇත. 2019 වර්ෂයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ සර්බියාවේ සිටි වෘෂණ නොමැති 36 හැවිරිදි පුද්ගලයකුට ඔහුගේ සම සහෝදරයාගෙන් වෘෂණ බද්ධයක් සිදුකළ බවයි. කෙසේ වෙතත් එය දැනට වාර්තා වී ඇති අවසාන සහ තුන්වැනි වෘෂණ බද්ධ කිරීමේ ශල්‍ය කර්මයයි.
පළමු වෘෂණ කෝෂ බද්ධ කිරීම සිදුව ඇත්තේ ඊට වසර 40කටත් වැඩි කාලයේ දී 1978 දී ය. නිවුන් දරුවන් දෙදෙනකුගෙන් එක් අයකුට පූර්ණ ක්රියාකාරීත්වයක් ඇති වෘෂණ කෝෂ යුගලක් තිබූ අතර අනෙක් දරුවාට වෘෂණ කෝෂ පිහිටා තිබුණෙන් නැත. වෛද්‍යවරු වෘෂණ කෝෂ දෙකක් ඇති දරුවාගෙන් එක් වෘෂණ කෝෂයක් වෙන්කර අනෙක් දරුවාට බද්ධ කළහ. එය සාර්ථක විය. ශල්‍යකර්මයෙන් පැය දෙකකට පසු දෙදෙනාගේ ම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම සාමාන්‍ය වී ිතබිණි.
වෘෂණ කෝෂ බද්ධ කිරීමේ හැකියාව පිළිබඳ පළමු වාර්තාව ලැබෙන්නේ 1849 තරම් ඈත අතීතයේ දී ය. එහි දී කුකුළලන් භාවිතා කර වෘෂණ කෝෂය උදර කුහරය තුළට බද්ධ කර තිබේ. බද්ධ කරන ලද වෘෂණ කෝෂය වර්ධනය වී ලිංගික ඉන්ද්‍රියයක් ලෙස එහි සුවිශේෂී ස්වභාවය පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා කර ඇත. ගෙම්බන් තුළ ද මෙවැනි අත්හදා බැලීම් කර තිබිණි.
නමුත්, මිනිසුන් තුළ වෘෂණ කෝෂ බද්ධ කිරීම දැඩි අවදානම් දෙයක් බව පර්යේෂකයෝ කියති. පරිත්‍යාගශීලියකුගෙන් වෘෂණ කෝෂයක් වෙන්කරගෙ එය වැඩිවේලාවක් සජීවී තත්වයේ පවත්වාගැනීම ද දැඩි අසීරු දෙයකි. ශල්‍යකර්මය සඳහා ඉත විශේෂිත වූ ක්ෂුද්‍ර ශල්‍ය ශිල්පීය ක්‍රම අවශ්‍ය වෙයි.
ඔබට වෘෂණ කෝෂයක් විකිණීමට හැකියාව තිබේ ද ?
වෘෂණ කෝෂ හෝ වෙනත් අවයවයක් හෝ විකිණීම නීති විරෝධී කටයුත්තකි. එය නීති විරෝධී වන්නේ බද්ධ කිරීම් සඳහා පරිත්‍යාග කරන අවයව ලබාගැනීමට ධනවත් පුද්ගලයන්ට අසාධාරණ ලෙස හැකියාව ලැබීම හේතුවෙනි. ධනය නොසළකා පරිත්‍යාග කරන ලද අවයවලට සමාන ප්‍රවේශයක් ලබා ගැනීම සියලු මනුශ්‍යයන්ට සදාචාරාත්මක අයිතියක් තිබිය යුතු බැවින් අවයව විකිණීම නීති විරෝධී යැයි නම්කිරීමට හේතුවකි. අවසරයකින් තොරව බලහත්කාරයෙන් අවයවයක් ගැනීම හෝ අත්‍යවශ්‍ය මුදලට අවයව මිල දී ගැනීම ද සදාචාරාත්මක නොවන අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි.
ඉතාමත් දුර්ලභ අවස්ථාවක දී පමණක් වෘෂණ කෝෂ සම්බන්ධ පර්යේෂණ කාර්යයකට සහභාගීවන පුද්ගලයන්ට මූල්‍ය වන්දියක් පිරිනැමීමට ඊට අදාල නීත්‍යානුකූළ පර්යේෂකයන්ට හැකියාවක් තිබේ. නමුත් පර්යේෂණ සඳහා වෘෂණ කෝෂ අවශ්‍ය වීමේ සම්භාවිතාව අතිශය අඩුය. මෙවැනි කරුණු සැළකිල්ලට ගත්විට කිසිවෙකුට තම වෘෂණ කෝෂ විකිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
අන්තර්ජාල මිත්‍යාවන් ඉවත් කිරීම
ඔබට වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට 1,600,000.00 විකිණිය හැකිය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රකට මාධ්‍ය ආයතනයක් පසුගිය දා ප්‍රචාරය කළේය. එවැනි ජාවාරමක් ශ්‍රී ලංකාවේ සිදුවන බවට මහා පරිමාන අනාවරණයක් ද කළේය. නමුත් මීට පාදක කරගෙන තිබුණේ පුද්ගලයන් කිහිප දෙනකුගේ අදහස් මිස වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු නොවේ.
මෙය සැබැවින් ම තවමත් ලෝකයේ පවතින අන්තර්ජාල මිථ්‍යාවකි. වෘෂණ කෝෂයක් ඩොලර් දස දහස් ගණනකට විකිණිය හැකිය යන්න ප්‍රචලිත කතාවකි. මාර්කි පැරිසි විසින් TLS හි “Extreme Cheapskates” කතාවක පෙනී සිටිටිමින් පර්යේෂණයක් සඳහා ඩොලර් 35,000ට එක් වෘෂණ කෝෂයක් පරිත්‍යාග කිරීමට සැළසුම් කර තිබිණි. නමුත් පර්යේෂකයන් කීවේ වෘෂණ කෝෂ සම්බන්ධ එවැනි පර්යේෂණ සිදුනොවන බවයි. එබැවින් එවැනි අවශ්‍යතාවක් නැති බව ද මුදල් නොගෙවන බව ද කියා තිබිණි. ඉල්ලුම් කරුවන් නොමැතිවීමෙන් අවසානයේ වෘෂණ කෝෂ විකිණීමේ ඔහුගේ උත්සාහය අපතේ ගියේය.
මෙහි දී සත්ගන්නා කරුණ නම්, එක් වකුගඩුවක් විකිණීම ඉරානයේ දී නිත්‍යානුකූල වීමයි. නමුත් මේ හේතුවෙන් දුප්පත් මිනිසුන් සූරාකන බවට මතයක් තිබේ. තවත් සමහරු පවසන්නේ ඉන්ද්රිය හිඟය තුරන් කිරීම සහ දැනුම්වත් එකඟතා පිළිවෙතක් සහ ආරක්ෂිත ශල්‍යකර්ම ක්‍රියාවලියක් සහතික කිරීම මගින් එය වැඩි දෙනකුගේ යහපතට හේතුවන බවයි.
ඉන්ද්රිය පරිත්‍යාගයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවා ද ?
තම සිරුරේ ඇති අවයවයක් පරිත්‍යාග කිරීම අතිශය පරාර්ථකාමී ක්‍රියාවකි. නිර්වචනය අනුව, පරිත්‍යාගයක් යනු ඔබට මූල්‍ය වන්දියක් හෝ අගයක් හෝ ලැබෙන්නක් නොවේ. ලැබිය යුතු දෙයක් ද නොවේ. පරිතයාගශීලියාට එවැනි දෙයක් පරිත්යාගකිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභයක් ද නැත. න්‍යායාත්මකව එවැනි අවයවයක් හෝ ඉන්ද්‍රියක් බද්ධ කිරීම සඳහා ලබාගන්නා තැනැත්තාට ප්‍රයෝජනවත් විය හැකිය.
වෘෂණ කෝෂවල මූලික කාර්යයන් දෙකක් ඇත. වෘෂණ කෝෂවලින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශරීරයට සපයයි. ශුක්‍රාණු නිපදවීම සිදුකරයි. 1978 වර්ෂයේ දී සිදුකළ ආකාරයෙන් වෘෂණ කෝෂයක් බද්ධ කළහොත් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර අවශ්යතාවවකින් තොරව ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ස්ථාවර කළ හැකිය. එමෙන් ම වෘෂණ කෝෂ ලබාගත් පුද්ගලයාට පරිත්‍යාගශීලියාගේ DNA සහිත දරුවකු බිහිකර ගැනීමට හැකියාව ඇත. ජීව විද්‍යාත්මකව බද්ධ කළ වෘෂණ කෝෂය දරා සිටින්නාගේදරුවකු නොවේ.
වෘෂණ කෝෂ බද්ධ කිරීමෙන් එය ලබන්නාගේ ආත්ම අභිමානය සහ ශරීර තෘප්තිය න්‍යායාත්මකව වැඩි කළ හැකිය. කෙසේ වෙතත් වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමෙන් පසු කෘථිම වෘෂණ කෝෂයක්ලබාගන්නා පුද්ගලයන් දැනටමත් ඉහළ මට්ටමේ තෘප්තිමත් බවක් වාර්තා කර තිබේ.
වෘෂණ කෝෂ පරිත්‍යාග කිරීම වෙද්‍යෙ පර්යේෂණ ඉදිරියට ගෙන යාමට උපකාරී වන්නේ වුව ද පර්යේෂකයන්ට වෘෂණ කෝෂවල අවශ්‍යතාවක් නැත. මෙහි ඇති දුර්ලභ උදාහරණය වන්නේ මාර්ක් පැරිසිගේ කතාවයි. නමුත් ඒ සඳහා පර්යේෂකයන් ඉදිරිපත් වූයේ නැත. එය ද සැළසුම් කර තිබුණේ වෘෂණ කෝෂ බද්ධ කිරීම සඳහා නොව වෘෂණ කෝෂ ඉවත්කිරීම සඳහාය. කෙසේ වුව ද එය අවසානයේ අවලංගු වූ සිදු නොවූ දෙයකි.
ඔබට වෘෂන කෝෂයක පිළිකාවක් ඇත්නම් පරයේෂකයන්ට පිළිිකා සෛල අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් එවැනි අවස්ථාවක පර්යේෂකයන් විසින් රෝගී වෘෂණ කෝෂයෙන් කුඩා පටක කොටසක් වෙන්කර ගනී.
වෘෂණ කෝෂයක් වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සඳහා කිසිවිටකත් සළකා බලන්නේ නැත.
ඉන්ද්‍රියක් පරිත්‍යාගයක් ගැන සිතන්නේ නම් ඔබට කළ හැකි දේ මොනවා ද
ඔබට ජීවත්ව සිටිය දී පරිත්‍යාග කළ හැකි අවයව ලෝකයේ ලැයිස්තු ගත කර තිබේ. ඒ අතර වෘෂණ කෝෂ සඳහන් කර නැ. ජාත්‍යන්තර සෞඛ්‍ය සම්පත් සහ සේවා පරිපාලනය (HRSA) මගින් මෙය සිදුකර තිබේ.
එහිි දී ලැයිස්තුගත කරන අවයව වන්නේ
- එක් වකුගඩුවක්
- අක්මා කොටසක්
- එක් පෙනහළුවක් හෝ පෙනහළු කොටසක්
- අග්න්‍යාශයේ කොටසක්
- බඩවැල් කොටසක්
යමකුට තමන්ගේ මරණයෙන් පසු විවිධ අවයව සහ පටක පරිත්‍යාග කළ හැකිය. එමෙන් ම මියගිය විට තම සිරුර වෛද්‍ය විද්‍යාලයකට පරිත්‍යාග කිරීමට ද හැකියාව තිබේ. මේ සඳහා තම කැමැත්ත කල් ඇතිව ම ප්‍රකාශ කළ හැකි අතර නැතිනම් කෙනෙකු මියගිය විට කාලත්‍රයා (සැමියා/බිරිඳ) දරුවන්, අවිවාහකයකු නම් දෙමාපියන් හෝ සියලු සහෝදර සහෝදරියන්ගේ කැමැත්තෙන් අවයව, පටක හෝ සම්පූර්ණ සිරුර වෛද්‍ය විද්‍යාලයකට පරිත්‍යාග කිරීමේ හැකියාව පවතී. මිය යාමට පෙර තම කැමැත්ත ලිඛිතව දන්වා ඇත්නම් අන් අයගේ කැමැත්ත අවශ්‍ය වන්නේ නැත.
එසේ වුව ද අවයව සහ පටක මෙන් ම සිරුර වෛද්‍ය විද්‍යාලයකට ලබා ගැනීමේ දී ද ඒවායේ ගුණාත්මක බව සහ මරණයේ ස්වභාවය බලපානු ලබයි.