දියලුම දියඇල්ලට ඉහළ ප්‍රදේශයෙන් අද (04) අලුයම මාර්ගයට ගල් ඇදවැටිම හේතුවෙන් දියඇල්ල ආසන්නයේ පිහිටි වෙළද සැල් දෙකකට හා ත්‍රිරෝද රථයකට අලාභහානි සිදුව ඇත. ජීවිත හානි කිසිවක් සිදුවී නැත.

මේ හේතුවෙන් වැල්ලවාය- බෙරගල මාර්ගයේ වාහන ගමනාගමනය ද ඇණහිට තිබේ.

ප්‍රදේශයට ඇද හැලෙන අධිකවර්ෂාව සමග දියලුම දිය ඇල්ලට ඉහළ සිට මාර්ගයට මෙම ගල් ඇදවැටි

දියලුම දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයට අකුණක් වැදිමෙන් පසු මෙම ගල් මාර්ගයට ඇදවැටුණු බව ප්‍රදේශවාසිහු කියති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ මෙි පිලිබදව සොයාබැලිමට තම ආයතනයේ පිරිසක් දැනටමත් එහි ගොස් විමර්ශන කටයුතු ආරමිභකර ඇති බවයි. මාර්ගයට ඇදවැටී ඇති ගල් ඉවත්කර යළි විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ අවශ්‍ය පියවර කඩිනමින් ගනිමින් සිටින බව කොස්ලන්ද පොලිසිය පවසයි.

(නයනජීව බණ්ඩාර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here