ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තොරාගැනීමේ දී ආගමික නිකායක බලපෑමක් තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී ආගමික නිකායකට බැඳුණු ක්‍රීඩකයන් පමණක් තෝරාගන්නේ යැයි නැගෙන චෝදනාව පිළිබඳ සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසු එලෙ ක්‍රියාකරන බව ද හෙතෙම කීවේය.
ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ මූලධර්මවාදී ආගමික නිකායන්ට සම්බන්ධ පුද්ගලයන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල සිටින බව ද ඉන් අන් අයට අගතියක් මෙන් ම අසාධාරණයක් සිදුවී ඇතැයි ද තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
කටුනායක වේයන්ගොඩ ප්‍රදේශයේ එම ආගමික නිකායේ මූලස්ථානය පිහිටා ඇතැයි ද අනාවරණය වන බව ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරයි.



