ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පුවත්

විදෙස්

මරණීය දණ්ඩනය නියම වී තිබූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝග කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් 16 වැනි දා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතුය.

මේ නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපතිවරයා ද ඇතුළත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම දැනුම් දීම සිදුකර තිබේ.

උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles