-0.1 C
New York

චාමික කරුණාරත්නට තරඟ තහනමක් පනවා, දඬුවම අත්හිටුවයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා එය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේය. මීට අමතරව ඔහුට ඇමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද නියම කර තිබේ.

පසුගිය දා ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී නැමීබියාව සමඟ තරඟයට පෙර දින රාත්‍රියේ ඔහු තම හෝටලයෙන් බැහැරව සිටි බවට චෝදනාවක් එල්ල විය.

මඑ තරඟාවලියේ දී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාලව චාමික කරුණාරත්න වරද පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තරඟ තහනම සහ දඩය නියම කර තිබේ.

එම තරඟ තහනම අත්හිටුවා ඇති බැවින් ඉදිරියේ කවර අවස්ථාවක හෝ ඔහු නැවත ඒ හා සමාන වරදක් සිදුකළහොත් සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීම චාමික කරුණාරත්නට තහනම් වනු ඇත.

Related articles

Recent articles

spot_img