-1.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 18,396 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,453 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 173ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,173ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 366
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 170
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 65

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ෆිනෑන්ස් සමාගම (X)  23%
  • කාගෝ බෝට් සමාගම 18%
  • රෙජින්ස් සමාගම 17%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් 548,000ක් රුපියල් 50.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් 660,000ක් රුපියල් 31.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 288
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 18 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 07ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 10
  • වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 04
  • හේමාස් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම  රුපියල් මිලියන 04
  • බයිරහා සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img