පුරාණ ඉන්දියාවේ සිටි වාල්මිකී නමැති සාහිත්‍යකරුවකුගේ ප්‍රබන්ධයක් වූ රාමයණය නම් කෘතියේ සඳහන් වූ ඇතැම් ස්ථාන ශ්‍රී ලංකාවේ ඇතැයි සිතා ඒවා නැරඹීට අද (23) ඉන්දීය සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණියහ.
මෙම සංචාර සංවිධානය කරන කමිටුවේ ලිටෝන් ප්‍රනාන්දු පවසන්නේ මෙවැනි ස්ථාන නැරඹීම සඳහා ඉන්දීය සංචාරකයන් 800ක පමණ පිරිසක් ඉදිරි මාස 06ක කාලයේ දී ගෙන්වීමට අපේක්ෂා කරන බවයි.
අද දහවල් පැමිණි සංචාරකයන් පිරිස මෙරට හින්දු දේවස්ථාන කිහිපයක් ද නැරඹීමට නියමිතය.
රාම දෙවියන් යනු ඉන්දියාවේ දේව විශ්වාසයන් හි සඳහන් මිත්‍යා කතාවකි. එය පදනම් කරගෙන වාල්මිකී විසින් රාමායණය රචනා කර ඇති අතර එහි රමා සමඟ යුද වදින රාවණ නම් රජකු ගැන සඳහන් වේ. වාල්මිකීගේ රාමයණයේ රාවණ ලක්දිව් නමැති රාජ්‍යයක බලවත් රජ කෙනෙකි. අතීතයේ සිංහලද්වීප යනුවෙන් හැඳින්වූ වර්තමාන ශ්‍රී ලංකාව “ලංකාව”යන නමින් හැඳින්වූයේ යුරෝපීය ජාතිකයන්ගේ පැමිණීමෙන් පසුවය. යුරෝපීයයන් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඉන්දීය කම්කරු ජනතාව උඩරට කඳුකර ප්‍රදේශවල පදිංචිවූ පසු ඔවුන් තම හින්දු ආගමේ එන රාම සහ සීතා ඇදහීම් සිදුකළ අතර ඉන්පසු රාම රාවණා කතාව ද මෙරට බොහෝ ජනප්‍රිය වී ගිියේය.
මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු පුරාවිද්‍යාඥයන් තරයේ කියා සිටියේ රාම රාවණා කතාව යනු මිත්‍යාවක් මිස සත්‍ය කතාවක් නොවන බවයි. එය සනාථ කිරීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.
රාමායණය ලියූ වාල්මිකී ලක්දිව් යනුවෙන් රාවණගේ රාජ්‍යය හඳුන්වා ඇත්තේ ඔහු ජීවත්වූ ප්‍රදේශය ලක්දිව් බැවින් යැයි ඉන්දියාවේ ඇති පිළිගැනීමයි. වාල්මිකී වාසය කළා යැයි කියන ප්‍රදේශය අදට ද හැඳින්වෙන්නේ ලක්දිව් නමින් වන අතර එම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය ද අදටත් ලක්දිව් නමින් හැඳින්වේ. නමුත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු වාල්මිකීගේ ලක්දිව් යුරෝපීයයන් විසින් මෙරටට ලබාදුන් ලංකාව යන නම යැයි විශ්වාස කරති.
(ඡායාරූපය – ලංකාදීප වෙබ් අඩවියෙනි)