ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වූයේ ය. 79 වැනි වියේ පසු වූ හෙතෙම අද (23) උදෑසන නුවරඑළියේ සිය නිවසේ දී මියගිය බව පවුලේ ඥාතීහු කියති.
1994 සිට 2010 දක්වා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඔහු 2010 වර්ෂයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කළේය. නැවත 2015 වර්ෂයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේය.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24) සවස 3.00ට නවරේලිය පොදු සුසානභූමියේ දී සිදුකිිරීමට නියමිතය.