-2.5 C
New York

දැඩි කොන්දේසි සහිතව සිරිධම්ම හිමිට ඇප

Published:

රිමාන්ඩ් කර සිටි ගල්වැව සිරිධම්ම හිමි රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්.මහවත්ත අද (23) නියෝග කළාය. එමෙන් ම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරිණි.

මීට අමතරව මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ද සෑම මසකම අවසන් ඉරිදා දිනයේ ත්‍රස්ත මර්ධන කාර්යාංශයට වාර්තා කරන ලෙස ද ඇප කොන්දේසි පැනවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය කටයුතු කළාය.

මෙම නඩු කටයුත්ත අවසන් වනතුරු සැකකාර සිරිධම්ම හිමිට ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙසත් නියෝග කරමින් එම නියෝග කඩ කළහොත් ඇප අවලංගු කරන බව ද අධිකරණයට නියෝග කර තිබේ.

සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රඳවාගෙන සිටි අතර ඉන් පසු නැවත රිමාන්ඩ් කරන ලදී.

මෙම පැමිණිල්ල ලබන 12 වන දා යළි කැඳවීමට

Related articles

Recent articles

spot_img