-0.6 C
New York

ප්‍රභූ ආරක්ෂකයන් 40කට කොරෝනා. පොලිසියේ 2500ක් නිරෝධායනයේ

Published:

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 40ක් ඇතුළු පොලිස් නිලධාරීන් 182 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර තවත් 2500ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ආසාදනය වූ අය අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ 56 දෙනෙක් ද සිටිති. මේ අතරින් 40 දෙනකු ප්‍රභූ ආරක්ෂාව සඳහා අනුයුක්ත් කර සිටි අය බව ද සඳහන් වේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු කරන බවයි.

බස්නාහිර පළාතේ තිබෙන පොලිස් ස්ථානවල සියලුම නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමට මේ දිනවල පියවර ගනිමින් සිටින බවද පොලිස් මූලස්ථානය පවසයි.

මේ වන විට ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නිරත රාජගිරිය, කැලණිය, කළුබෝවිල කඳවුරු හුදෙකලා කර ආසාදිතයන් කුණ්ඩසාලේ හා කළුතර පිහිටි මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

Related articles

Recent articles

spot_img