5.4 C
New York

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 268ක් දක්වා ඉහලට

Published:

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඊයේ(21) ඇතිවූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 268ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. අතුරුදන් වී සිටින ප්‍රමාණය 151ක් බව පොලිසිය පවසයි.

සහන සේවා කණ්ඩායම් පවසන්නේ මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා දරුවන් බවයි.

1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. නිවාස 22,000කට හානි සිදුව ඇති බවත් 58,000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවත් සඳහන් වේ.

රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබල භූ කම්පනයෙන් කඳුකර ප්‍රදේශයකට වැඩි හානි සිදුකළ අතර, බටහිර ජාවා නගරයක් වන සියැන්ජූර් අසල ගම්මාන සම්පූර්ණයෙන්ම යට කරමින් නායයෑම් ඇති විය.

වින්දිතයන්, කඩා වැටුණු තාප්ප හා වහලවල් වලට යටවී හෝ සිරවී සිටි බව මාධ්‍ය වාර්කා කර තිබේ.

සුන්බුන් වලට යටවී විපතට පත්ව සිටින අය බේරා ගැනීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ ගලවා ගැනීමේ කණ්ඩායම් වලින් ඉල්ලා සිටියේ ය.

https://www.bbc.com/news/world-asia-63712461

Related articles

Recent articles

spot_img