කොරෝනා ආසාදිතය බවට ඊයේ (03) වාර්තා වූ රෝගීන් 403 දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ආසාදිතයන් 19 දෙනකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ ලේඛනයේ දැක්වේ.
එම ලේඛනය අනුව ගාල්ලෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවන්නේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 08කි. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වන අතර අහුංගල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වතුගෙදර ප්‍රදේශයෙන් ආසාදිතයන් 03ක් වාර්තා වී ඇත. රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 03 දෙනෙකි. ඔවුන් බූස්ස ප්‍රදේශයේ 02 දෙනකු හා රත්ගමින් 01 අයකු ලෙස එම ලේඛනයේ සටහන් කර ඇත. අනෙක් ආසාදිතයා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වෙයි.
ඊයේ (03) සවස 4.00ට යාවත්කාලීන කරන ලද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් නිකුත් කරන ලද ආසාදිතයන් පිළිබඳ තොරතුරු ලේඛනයේ සඳහන් වූයේ පසුගිය 02 දා සිට ඊයේ 03 වැනි දා සවස 4.00 දක්වා ගත වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බවයි.
එම ලේඛනයේ සඳහන් වූ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ හික්කඩුව 04ක්, බලපිටිය 03ක්, රත්ගම, අම්බලන්ගොඩ, හබරාදුව හා ගෝනාපීනුවල 01 අයෙක් බැගින් බව ඊයේ (03) රාත්‍රී දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරීවරයා කීවේය.
එම ලේඛනයේ 11 දෙනකු සඳහන් වන අතර ඊයේ දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 දෙනකු වාර්තා වී ඇතිි බවට වසංගත රෝග විද්‍යා ඒකකය මගින් නිකුත් කළ අප ඉහත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ ලේඛනයේ දැක්වේ. වසංගත රෝග විද්‍යා ඒකකය ආසාදිතයන් ලෙස හඳුන්වන 19 දෙනා අතර දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් සඳහන් කරන 11 දෙනා හෝ ඉන් කිහිප දෙනකු හෝ ඇතුළත්ව සිටින්නේ ද යන්න දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය දන්නේ නැත.
ඒ ගැන විමසූ විට වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ද පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරීවරයා කියා සිටියේ සවස 4.00 දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් යාවත්කාලීන කරනුු ලබන ලේඛනය ලැබෙන තුරු නිල වශයෙන් කිසිවක් කිව නොහැකි බවයි.
මේ අතරතුර යම් තහවුරු කරගත් තොරතුරක් ලැබෙන්නේ නම් අප එය ඒ මොහොතේම rata.lk පාඨක ඔබට ඉදිරීපත් කිරීමට සූදානම්ව සිටියි.
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව අද (04) උදෑසන වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 84 දෙනෙකි. නමුත් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ සංඛ්‍යාලේඛන අනුව එම ප්‍රමාණය ඇතැම්විට 92ක් හෝ ඊට වැඩි විය හැකි බව පැහැදිලිි කරුණකි.