-0.1 C
New York

කාන්තාවන්ගේ තරඟ තීරක කාර්යය ද සහිතව අද ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය

Published:

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද (20) කටාර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 22 වැනි වරටය.

මෙවර තරඟාවලියේ තීරක කාර්යය සඳහා කාන්තාවන් තිදෙනකු යොදාගෙ තිබීම ද විශේෂත්වයකි. කණ්ඩායම් 32ක් සහභාගී වන මේ තරඟාවලියේ ආරම්භය සිදුවන්නේ සත්කාරක කටාර රාජ්‍යය සහ ඉක්වදෝරය අතර අද රාත්‍රී 8.30 ට පැවැත්වෙන තරඟයෙනි.

කාණ්ඩ 08ක් යටතේ දින 28ක් පුරා මෙම තරඟාවලිය පැවැත්වෙයි. තරඟ පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණ 08ක් වෙන්කර ඇති අතර මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ තැනින් තැනට ප්‍රවාහනය කළ හැකි පාපන්දු ක්‍රීඩාංගණයක් ද මේ සඳහා වෙන්කර තිබීමයි.

මෙවර තරගාවලියේදී ක්‍රීඩාංගන තුළ මත්පැන් පානය කිරීම තහනම් කර තිබේ.

Related articles

Recent articles

spot_img