කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදියේ ආරක්ෂිත නිවාසවල සිරවී සිටි පරිස් ඉදිරි පැය 48 තුළ ගෙන්වාගන්වා ලෙස ජනාධිපති ගෝඨාභය රජපක්ෂ නියෝග කර ඇත.
මෙම නියෝගය අනුව ඔවුන් කඩිනමින් ගෙන්වාගැනීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම පිරිස ගෙන්වාගැනීම සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවක දී තිරණය කර තිබේ.
දැනට වයිරසයට ගොදුරු වී ඇති කණ්ඩායම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර පළමු දිනයේ දී ඔවුන් ගෙන්වා යළි පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරවීමට ද සැළසුම් කර තිබේ.
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් හෝටල්වල නිරෝධායන ක්‍රියාවලිය ඉක්මණින් අවසන් කර විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් ඒ සඳහා යොමුකිරීමට ද සාකච්ඡා වූූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.