6 C
New York

ගාල්ලේ ඕල්සන්ට්ස් සිසුවෙක් “ජාතික සාහිත්‍ය සම්මානයක්” දිනයි

Published:

ජාතික සාහිත්‍ය උළෙල 2022 පද්‍ය රචනා (නිසඳැස්) ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන භානු තිරසර කළුආරච්චි ශිෂ්‍යයා සමත්ව සිටියි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතිික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ජාතික ‍සාහිත්‍ය උළෙල බණ්ඩාරනාකය අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්විණි.

එහි දී භානු විසින් ඉදිරිපත් කරන ලද නිවහල් සිතිවිලි උදාර ජාතියකට මඟ පාදයි යන නිර්මාණය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

භානු සිරස නිවුස් ෆස්ට්හි ගාල්ල මාධ්‍යවේදී සමන් කුමාර කළුආරච්චිගේ පුත්‍රයාය. ඔහුගේ මව ගුරුවරියකි. කුඩා කාලයේ සිට ම සාහිත්‍ය කලාවන්ට දැඩි උනන්දුවකින් පසු වූ බව ඕල්සන්ට්ස් විද්‍යාලයේ විදුහල්පති සී.ඩී.නාගහවත්ත පවසයි.

භානු තම මව සහ පියා සමඟ

Related articles

Recent articles

spot_img